පිලිපීනයේ අබු - සයාෆ් කල්ලිය මගින් පසුගිය සැප්තැම්බරයේ සිට ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රදවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු ගෙළ සිඳ ඝාතනය කර තිබෙනවා.
ඔහු නිදහස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 80ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර ඒ සඳහා ලබාදී තිබූ කාල විරාමය අවසන් වීමත් සමඟයි මෙම ඝාතනය සිදුකර ඇත්තේ.
කැණීම් කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන 68 හැවිරිදි ජෝන් රිඞ්ස්ඩෙල් නැමැති මොහුගේ හිස කොටස පමණක් දකුණු පිලිපීනයේ ජෝලෝ දිවයිනේ මාර්ගයකින් ඊයේ හමුවී තිබෙනවා.
එය කුරිරු මිනිස් ඝාතනයක් ලෙසයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළේ.
අබුසයාෆ් කල්ලිය මෙන්ම අයි එස් සංවිධානය සමඟ සබදතා පවත්වන සන්නද්ධ කණ්ඩායම් සහ තනි පුද්ගලයන් රැසක් දැන් අග්නිදිග ආසියාකරයේ පැතිර සිටින බව විශ්වාස කෙරෙනවා.
ඔවුන් ඉන්දුනීසියාව මලයාසියාව සහ පිලිපීනය යන අග්නිදිග ආසියාතික රටවල ප්‍රහාර සැලසුම් කරමින් සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.

Follow US
Most Viewed Stories