ජයලලිතාගේ වත්කම් බසී

Tuesday, 26 April 2016 - 13:38

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ වත්කම් පසුගිය වසරට සාපේක්ෂව ඉන්දීය රුපියල් කෝටි 3.4කින් පහත වැටී තිබෙනවා.

ඒ බව අනාවරණ වූයේ මැයි 16 වන දා පැවැත්වෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට අදාළව අපේක්ෂක වත්කම් ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

කෙසේ නමුත් තවදුරටත් ජයලලිතාගේ චංචල සහ නිශ්චල දේපළවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 113.73ක්.

ඇගේ වත්කම් පසුගිය වසරට සාපේක්ෂව මෙලෙස අඩු වුවද පසුගිය පස් වසරක කාලයක සැලකූ විට එය පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

තමිල්නාඩුවේ ආර් කේ නගර් අසුන සඳහා ජයලලිතාගේ නාම යෝජනා සමඟ ඉදිරිපත් කෙරුණු වත්කම් ප්‍රකාශයට අනුව ඇයගේ චංචල දේපළවල වටිනාකම රුපියල් කෝටි 41.63ක් වන අතර නිශ්චල දේපළවල වටිනාකම රුපියල් කෝටි 72.09ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories