එජාප මහලේකම් ඇතුළු 7 කට නොතීසි

Wednesday, 27 April 2016 - 14:23

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු වගඋත්තරකරුවන් 07 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ අමාත්‍ය සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නීතීඥ අජිත් ප්‍රසන්න ගොනුකළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාව්දීයි.

සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීම නුසුදුසු මෙන්ම නීතියට ද පටහැනි බව පෙත්සමෙහි දක්වා තිබෙනවා. මෙම පෙත්සම මැයි මස 24 වැනිදා යලි කැදවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories