නිදහස් පක්ෂ මැයි රැළියට සුළු පක්ෂ 10ක්

Thursday, 28 April 2016 - 7:10

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ගාල්ලේ මැයි රැළියට දේශපාලන පක්ෂ රැසක් එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඩග්ලස් දේවානන්දා නියෝජනය කරන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ආරුමුගම් තොණ්ඩමන් නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය සහ ප්‍රභා ගනේෂන් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය ඇතුළු පක්ෂ 10කට වැඩි සංඛ්‍යාවක් මෙම මැයි රැළියට එක්වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පක්ෂවල ප්‍රධානීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඊයේ හමුවුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ නව සිහල උරුමය නියෝජනය කරමින් සරත් මනමේන්ද්‍ර සහ එක්සත් ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් එස්. අජන්ත යන අය ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories