LTTE නායකයන් අත්අඩංගුවට ගැනීම ගැන ආරක්ෂක ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

Thursday, 28 April 2016 - 10:15

LTTE+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හිටපු එල් ටී ටී ඊ ප්‍රාදේශීය නායකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ දින කිහිපයකට ඉහතදී උතුරෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය හමුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන වලට අදාලව බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

බී බී සී සංදේශය සමග අදහස් දක්වමින් ඔහු  ප්‍රකාශ කර ඇත්තේ  පොලිස් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.

හිටපු එල් ටී ටී ඊ නායකයකු වන රාම් සහ ඔහුගේ යටතේ කටයුතු කල නගුලන්  පසුගියදා අත්අඩංගුවට ගැනුනා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි  බී බී සී සංදේශයට ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories