ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 11 දෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව බෙන්තර - ඇල්පිටිය ආසන සංවිධායකවරිය ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ගීතා කුමාරසිංහ ඉවත් කර ඒ වෙනුවට සම සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ බෙන්තර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් ක්‍රිෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන දෙදෙනායි.
එමෙන්ම, හිරියාල ආසන සංවිධායක ධූරය දැරූ පාර්ලිමේනතු මන්ත්‍රී සාලින්ද දිසානායක ඉන් ඉවත් කර වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික පත් කර තිබෙනවා.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත් කර ඇත්තේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධනයි.
කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණී ද සිල්වා සහ බුද්ධික ඉද්දමල්ගොඩ පත් කර තිබෙනවා.
මනුල චමල් පෙරේරා කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙසත්, පියල් දර්ශණ ගුරුගේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙසත් පත් කර ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස තුෂාර තිලකරත්න පත් කෙරුණා.
එමෙන්ම, දේවිකා කොඩිතුවක්කු පත් කෙරුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරියක ලෙසයි.
නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්රදානය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදුකෙරුණා.

Follow US
Most Viewed Stories