ධම්මාලෝක හිමියන්ගේ නඩුවට නීතිපති උපදෙස් ගන්නැයි නියෝග

Thursday, 28 April 2016 - 13:13

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව මෙම අධිකරණයේ විභාග කළ හැකිද යන්න පිළිබඳව නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) නියෝග කළා.

කිරුලපන - පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේදී බලපත්‍ර නොමැතිව රදවා ගෙන සිටි අලි පැටවෙකු වනජීවි නිලධාරීන් සොයාගත්තේ පසුගිය ජනවාරි මස 28 වැනිදායි.

පසුව එම සිද්ධියට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මාර්තු මස 09 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම නඩුව ජූනි මස 09 වැනිදා යලි කැදවනු ඇති.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories