අධිවේගී මාර්ග පද්ධතියේ ආරක්ෂක කැමරාකරණය සදහා රොබෝ තාක්ෂණය

Thursday, 28 April 2016 - 14:21

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
අධිවේගී මාර්ග පද්ධතියෙහි ආරක්ෂක කැමරාකරණය සදහා පරිගණක දෘෂ්ඨි සහ රොබෝ තාක්ෂණය උපයෝගි කර ගැනීමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ආරක්ෂණය සදහා යම් වස්තුවක් හෝ පුද්ගලයින්ගේ හැසිරීම් රටාවන් පරිගණක දෘෂ්ඨි භාවිතයෙන් අධ්‍යයනය කිරීම මෙමගින් සිදුකෙරෙනු ඇති.

එමෙන්ම, මාර්ගයේ දර්ශන පථයන් අධ්‍යයනය කිරීම සදහා පරිගණක සහ රොබෝ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණ ද සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් රථවාහන පොලිස් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලය ඉලෙක්ට්‍රෝනික අංශය සහ විදුලි සංදේශන ඉංජිනේරු ඒකකයේ මැදිහත්වීමෙනුයි මෙම ආරක්ෂක කැමරා පද්ධතිය සකස් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories