ශ්‍රී ලංකන් ගොඩගත්තාම ලාභයෙන් කොටසක් ජනතාවට

Friday, 29 April 2016 - 7:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දැවැන්ත ණය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය හවුල්කාර සමාගමක් සමඟ යළි ප්‍රකෘතිමත් වීමේ වාසිය ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ගුවන් සමාගමේ බලධාරීන් වෙත අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ සමාගම යළි ගොඩගැනීමෙන් මෙරට සුබසාධක සේවාවන්ටද දායකවීමට හැකිවනු ඇති බවයි.

ගුවන් සේවයේ ලාභය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස තනාදීම සඳහා ලබාදෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා හවුල්කාර සමාගමක් සොයාගැනීමට කටයුතු කරන බව රජය පසුගියදා ප්‍රකාශ කළා.

එහිදී ආයෝජකයන්ගේ ආකර්ශනය දිනාගැනීම සඳහා දැනට ගුවන් සේවයේ පවතින රුපියල් බිලියන 461 ක් පමණ වන ණය වගකීම් මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ගුවන් සේවය සඳහා මිලදීගැනීමට නියමිතව තිබූ ඒ 350 වර්ගයේ නව ගුවන් යානා හතරක ඇණවුමද අවලංගු කෙරුණා.

ගුවන් සේවයේ සියයට 40 ක කොටස් විදේශ සමාගමකට විකිණීමෙන් ණය අර්බුදය සමනය කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.

ජනතා මුදල් විනාශ කරන සුදු අලියෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට රජය සූදානම් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා ගුවන් සේවයේ බලධාරීන්ට ඊයේ පෞද්ගලිකවම දැනුම්දී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories