ජගත් ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට යළි අනතුරු අඟවයි

Friday, 29 April 2016 - 7:54

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ප්‍රබල බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සඳහා උතුරු කොරියාව දරණ ප්‍රයත්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ දැඩි අනතුරු ඇඟවීමක් සිදුකළා.

කෙසේ නමුත් මෙවැනි ප්‍රබල මිසයිලයක් ගුවන් ගත කිරීම සඳහා උතුරු කොරියාව දැරූ ප්‍රයත්නයන් දෙකක්ම අසාර්ථක වුණා.

පළමු උත්සාහය ක්‍රියාත්මක වූයේ උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ ජන්ම දිනය නිමිති කරගෙන පසුගිය අප්‍රේල් 15 වනදායි.

එය ගුවනට නික්මීමත් සමගම විනාශයට පත්වුණා.

ඔවුන් ඊයේ දිනයේදීද එවැනි මිසයිල දෙකක් අත්හදා බැලීමට උත්සාහ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, උතුරු කොරියාව සිය පස්වන න්‍යෂ්ටික අත්හදාබැලීම සිදුකිරීමේ අවස්ථාවක් පවතින බවයි එහිදී අවධාරණය කර ඇත්තේ.

උතුරු කොරියාවේ මෙම ක්‍රියාමාර්ගවලට ප්‍රබල ප්‍රතිචාරයක් සකස් කරමින් පවතින බව ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය හොබවන චීනයේ ජගත් සංවිධාන තානාපති ලියු ජියෙයි ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories