ස්ත්‍රී දූෂකයින් - ළමා අපයෝජකයින්ගේ නම් ප්‍රසිද්ධ කෙරේ

Friday, 29 April 2016 - 12:27

%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ගේ නාමලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීමට ඉන්දීය රජය සැලසුම් සකස් කරමින් පවතිනවා.

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ කණිෂ්ඨ අමාත්‍යවරයෙකු  ප්‍රකාශ කර ඇත්තේ විවිධ අමාත්‍යාංශ යටතේ උපදෙස් ලබාගනිමින් මේ සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කරමින් සිටින බවයි.

මිට වසර තුනකට පෙර දිල්ලි නගරයේදී වෛද්‍ය සිසුවියක සමූහ දූෂණයට ලක්වූ සිදුවීමේ සිට ඉන්දියාව තුළ සිදුවූ ස්ත්‍රී දූෂණ හා කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැඩි දඬුවම් පමුණුවන ලෙසයි එරට සමාජය ඉල්ලී ඉදිරිපත් කර තිබුණේ.  

මේ තත්ත්වය තුළ රජය විසින් ගෙන ඒමට උත්සාහ කරන මෙම නාමලේඛනයේ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ගේ නම් ලිපින හා වත්මන් දුරකථන අංකයන්ද ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතයි.

පීඩා කිරීමල දූෂණයට තැත්කිරීම සහ බරපතල දූෂණය යන අපරාධ යටතේ මොවුන් වර්ග කිරීමටද මෙම නාමලේඛනය යොදා ගන්නා බවත්ල එහි ළමා අපයෝජනයන්ට යොමු වූවන්ගේ තොරතුරුද ඇතුළත් කිරීමට නියමිත බවච සදහන්.

මෙවැනි නාම ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම තුළින් ස්ත්‍රී දූෂණයන්ට යොමුවන්නන් හා එවැනි අපරාධයකට මුල් වරට යොමුවන්නන්ගේ සිත් තුළ එවැනි ක්‍රියාවකට යොමු වීම සඳහා බියක් හා චකිතයක් සිත් තුළ ඇති වන බවත් සාමාන්‍ය සමාජයටද එම නාමලේඛනය හරහා පහසුවෙන් මෙවැනි පුද්ගලයන්ගේ තොරතුරු සොයාගත හැකි බව ඉන්දීය රජය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories