කිරුළපන මැයි රැළියේදී කිරුළ බැසිල්ටද?

Friday, 29 April 2016 - 12:55

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%B4%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%AF%3F
ඒකාබද්ධ විපක්ෂය කිරුලපන මැයි රැළිය පවත්වන්නේ බැසිල් රාජපක්ෂට කිරුළ පැළඳවීම සඳහා බව අමාත්‍ය පී හැරිසන් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ ඉදිරියේදී අගමැතිවරයා බවට පත් කිරීම සඳහා මේ වනවිට රහස් සාකච්ඡා පවත්වන බවයි.

එම සාකච්ඡා පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් බවයි.

ඒ සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම හේතුවෙන් ඔහු විදේශ ගතවී ඇති අතර මෙම සාකච්ඡාව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුවත් නොමැති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories