දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක් ගිනි ගනී

Saturday, 30 April 2016 - 8:35

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මිල්ලනිය - පරගස්තොට ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ කඩුවෙල සිට ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊයේ මෙලෙස ගිනිගෙන විනාශ වී ඇති බවයි.

මෝටර් රථය ගිනි ගන්නා අවස්ථාවේදී රියදුරු පමණක් එහි ගමන්කර ඇති අතර ඔහුට අනතුරක් සිදුවී නැහැ.

පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් ගින්නට හේතුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories