උතුරු මහ ඇමතිට නොතීසි

Sunday, 01 May 2016 - 11:56

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඇතුලූ සිව්දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ උතුර පළාත් සභාවේ පසුගියදා සම්මත වූ පෙඩරල් යෝජනාව සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා උතුර පළාත් සභා සභාපති සී වී කේ සිවඥානම් සහ එම පළාත් සභාවේ ලේකම් එස් පද්මනාදන් යන අයටද නොතීසි නිකුත් කර තිබෙනවා.

උතුර පළාත් සභාවට පෙඩරල් යෝජනාවලියක් නිකුත් කරමින් රට බෙදීමට සහ ත්‍රස්තවාදයක් යළි ඉස්මතු කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම පෙත්සම ගොනුකර තිබුණා.

එමඟින් වැඩිදුරටත් චෝදනා නගා ඇත්තේ මෙම යෝජනාව නිසා රටේ ඒකීය භාවයට හානි සිදුවන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories