ට්‍රම්ප් සහ රූපරාජීණියන් අතර රහසක් ඔබාමා හෙළි කරයි

Sunday, 01 May 2016 - 14:02

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%93%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ට්‍රම්ප් සහ රූපරාජීණියන් අතර රහසක් ඔබාමා හෙළි කරයි

සිය ජනාධිපති ධුරයේ අවසන් වරට ධවල මන්දිර වාර්තාකරුවන් සඳහා පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මීට පැය කිහිපයකට පෙර එක්වුණා.

1921 වසරේ වොරන් ජී හාඩින් ජනාධිපතිවරයාගේ සමයේ සාම්ප්‍රදායිකව ඇරඹුණු මෙම රාත්‍රී භෝජනයට මෙවර ඇමරිකාවේ ප්‍රකට පුද්ගලයන් හොලිවුඞ් සිනමා තාරකා මෙන්ම ව්‍යාපාරික නායකයන්ද එක්වුණා.

එහිදී ජනාධිපති බැරැක් ඔබාමා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට තරඟ වදින ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම තමාද උපහාසයට ලක් කළේ පැමිණ සිටි පිරිස රස ගන්වමින්.

අතිධාවනකාරී පුද්ගලයෙකු ලෙස ප්‍රකට ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අඩු අත්දැකීම් ඇති පුද්ගලයෙකු වුවත් ඔහු ලොව පුරා රූපරාජිනියන් මුණගැසුණු බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළා.

කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුර සටනට ඉදිරිපත් වීමට පෙර රූප රාජිනී තරඟ සංවිධාන කිරීම ඊට හේතුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories