ලේකම්වරුන්ට අවශ්‍ය පරිදි ඡන්දය තියන්නේ නැහැ

Monday, 02 May 2016 - 13:38

%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
නිදහස් සන්ධාන මහ ලේකම් ඇතුලූ පක්ෂ ලේකම්වරුන්ට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය නොහැකි බව පළාත්පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සීමා නිර්ණය කටයුතු අවසන් වනතුරු පළාත්පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.  

මේ අතර පළාත්පාලන මැතිවරණය කල් දමන බවට මැතිවරණ කොමිෂන් සභාවට චෝදනා කිරීමෙන් පළක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද හමුවූ අවස්ථාවේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories