අධික උණුසුම නිසා සියලූ පාසල් කාලසටහනේ වෙනසක්?

Tuesday, 03 May 2016 - 7:49

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%3F
අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල්වල කාලසටහන් සංශෝධනය කිරීමේදී බෙදීමක් සිදුවී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කළේ උතුරුමැද පළාත් සභා පාසල් සඳහා එක් ක්‍රමවේදයකුත් රේඛීය අමාත්‍යාංශයේ පාසල් සඳහා තවත් ක්‍රමයකුත් ක්‍රියාත්මක වන බවයි.

කාලසටහන වෙනස් කිරීම ජාතික පාසල් ඇතුළු සියලූ පාසල් සඳහා සමාන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා අවධාරණය කළා.  

පසුගිය 29 වන දා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලූම පාසල්වල අධ්‍යයන කටයුතු දහවල් 12 දක්වා පමණක් සිදුකිරීමට තීරණය කළේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්.

මේ අතර දැනට පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ ද සියලූම පාසල්වල කටයුතු අද සිට දහවල් 12ට අවසන් කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් අසංක අබේගුණවර්ධන ප්‍රකාශ කළේ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ ඉල්ලීම් ද සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මේ දිනවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories