හෙරොයින් කිලෝ 3.4ක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට

Tuesday, 03 May 2016 - 10:01

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+3.4%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවට ඒමට තිබූ මත්කුඩු කිලෝ 3.4 ක් පාකිස්තානයේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 3.4ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටි පාකිස්තාන ජාතිකයෙකු කරච්චි ගුවන් තොටුපළේදී එරට රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුගේ ගමන් මල්ලේ කාඞ්බෝඩ් පතුලක් තුළ ඒවා සඟවා තිබූ බව සදහන්.

මේ අනුව සතියක් ඇතුළත ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ සිදුවීම් 4ක් හෙළිිදරව් කර ගැනීමට හැකි වී තිබෙනවා.

ඉන් සැකකරුවන් 3 දෙනෙකෙු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු අතර මෙලෙස 4 වැන්නා අත්අඩංගුවට ගැනුණේ පාකිස්තානයේදියි.

කරච්චි ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගැනුණු පාකිස්තාන ජාතිකයා තමන් සතුව තහනම් භාණ්ඩ කිසිවක් නොමැති බව මුලින් ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් පාකිස්තාන රේගු බලධාරීන් ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී මෙම හෙරොයින් තොගය හමුවූ බවයි පාකිස්තාන එක්ස්ප්‍රෙස් ටි‍්‍රබියුන් පුවත්පත සඳහන් කළේ.
 
පසුගිය මාස 4ක කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 131ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 786කට ආසන්නයි.

දකුණු මුහුදේදී දී හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමඟ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු ඇතුළු විදේශිකයින් 17 දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණේ ඉරාන නෞකාවකින්.

එම නෞකාවේ සිටි පාකිස්තාන ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයින් දස දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් අතර පසුව සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories