මහින්ද ඝාතන තැතක් හෙළිකරයි ?

Tuesday, 03 May 2016 - 12:33

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කරමින් ඔහුගේ ජීවිතය අවදානමකට ලක් කර ඇති බවට පැවිදි හඬ සංවිධානය චෝදනා කරනවා.

එය හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් ලෙසටයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ ලේකම් මණ්ඩල සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ.

එම මාධ්‍ය හමුවට එක්වූ පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක අරමුදල නමින් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයීමේ අරමුදලක් ඇති කරන බවයි.

ඒ සඳහා සිවිල් පුරවැසියන් දායක කර ගැනීමට කටයුතු කරන බව එම හිමියන් සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories