පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා කල් තබන බව කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ ඇතිවූ උණුසුම් සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5 කට කල් තබා යළි ආරම්භ කිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත් පස්වරු 1.35 ට පමණ විනාඩි 5 කට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි ආරම්භ වුණේ පස්වරු 3.03 ටයි.
පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බැවින් සභාවේ වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම යෝග්‍ය නොවන බව කථානායකවරයා එහිදී සභාවට දැනුම්දුන්නා.
මේ අතර පාර්ලිමේන්තුව තුළ හටගත් ගැටුමෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Update : Tuesday, May 3, 2016 15.14
-----------------------------------------------
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වීමත් සමඟ පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කථානායක කරු ජයසූරියට අද සිදුවුණා.
මේ සම්බන්ධයෙන් මුලින්ම ප්‍රශ්න කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින්.
අනතුරුව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වූ අතර, එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
එහිදී ඇතිවූ ගැටුමකින් එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ තුවාල ලැබූ අතර, මේ වනවිට ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති බව සඳහන්.
ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ
Update : Tuesday, May 3, 2016 14.18

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වීමත් සමඟ පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය පියවර ගත්තා.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.
එම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ ද නිරත වී තිබෙනවා.

Follow US
Most Viewed Stories