තාජුඩීන් ඝාතනය ගැන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ප්‍රශ්ණ කරයි

Wednesday, 04 May 2016 - 14:29

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා පොලීසිය අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.  

විමර්ශනවලට අදාළව සාක්ෂි වසන් කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාව වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories