මැක්කන් නිසා හැටන් ප්‍රදේශයේ පාසලක් වසා දමයි

Thursday, 05 May 2016 - 11:30

%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
හැටන් - අධ්‍යාපන කලාපයට අයත් දික්ඔය - ඇනීල්ඞ් දෙමළ මහා විද්‍යාලය මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් වසා දමා තිබෙනවා.

එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ දින කිහිපයක සිට පාසලේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවන අයුරින් මැක්කන් විශේෂයක් බෝවී ඇති බවයි.

මේ හේතුව නිසා ඊයේ දිනයේදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත කෘමිනාශක දියරයක් යෙදීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එය සිසුන්ට බලපෑ හැකි හෙයින් අද දිනයට පමණක් විද්‍යාලය වසා දැමීමටයි බලධාරින් තීරණය කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories