සිරියාවේ සරණාගත කඳවුරකට බෝ්ම්බ ප්‍රහාරයක්

Friday, 06 May 2016 - 7:22

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුර්කි දේශසීමාව ආසන්නයේ සිරියානු සරණාගත කදවුරකට ඊයේ (05) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිරියානු රජයේ හමුදා සහ රුසියානු ගුවන් යානා මගින් ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා එල්ල වුව ද එම වාර්තා සනාථ කර නොමැති බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කළේ.

මෙම ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදය සහ ජගත් සංවිධානය මගින් ද හෙළා දකිනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇගවූයේ නව ප්‍රහාර හේතුවෙන් තවත් සිරියානු සරණාගතයන් හාරලක්ෂයක් පමණ තුර්කි දේශසීමාව වෙත පැමිණෙනු ඇති බවයි.

සිරියාවේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝහි ගැටුම්වලින් පසුගිය සති දෙක තුළ පුද්ගලයන් 300 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories