හෙද සිසුවියක් සමූහ දුෂණයට ලක් වේ

Friday, 06 May 2016 - 11:08

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවේන්දපුරම් නගරය ආසන්නයේදී 19 හැවිරිදි හෙද සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන ගොස් සමූහ දුෂණයට  ලක් කර තිබෙනවා.

ඇය බරපතල තත්ත්වයෙන් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සදහන්.

මෙම සිද්ධිය පසුගිය අගහරුවාදා සිදුවී ඇති අතර එය මාධ්‍ය වෙත හෙළිදරව් වී ඇත්තේ ඊයේ දිනයේදීයි.

වෛද්‍ය පරීක්ෂණයේදී ඇය සමූහ දුෂණයට ලක්ව ඇති බව තහවුරු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කේරළයේ 30 හැවිරිදි නීති ශිෂ්‍යාවක් ද පසුගිය බ්‍රහස්පතින්දා දුෂණය කර ඝාතනය කර තිබූ අතර, එම සිද්ධිය ප්‍රාන්ත බලධාරින් පිලි නොගැනීම ඇතමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories