උතුරු කොරියාවේ වසර 36 කට පසු කොමියුනිස්ට් සම්මේලනයක්

Friday, 06 May 2016 - 12:33

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+36+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර 36 කට පසු ප්‍රථම වරට උතුරු කොරියාවේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයක් අද (06) පැවැත්වෙනවා.

පක්ෂයේ 7 වන කොංග්‍රසය වන මෙම රැස්වීමේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අං එරට උත්තරීතර නායකත්වයට ඉහළ නංවනු ඇතැයි අපේක්ෂිතයි.

එමෙන්ම, පක්ෂයේ තීරක මණ්ඩලයට ද ඔහුගේ අනුගාමිකයන් තෝරා පත් කර ගැනීමට මෙහිදී සිදුවනු ඇති.

උතුරු කොරියානු පාලක පක්ෂ සම්මේලනය ආවරණය කිරීම සදහා විදේශ මාධ්‍යවේදීන්ට අවසර ලබාදී ඇති නමුත්, ඔවුන්ට එරට සාමාන්‍ය ජනතාව මුණ ගැසීම තහනම් වනවා.

උතුරු කොරියාව පසුගිය කාලය තුළ සිදුකළ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් මෙම පක්ෂ සම්මේලනය දෙස ලොව පුරා විශේෂ අවධානයක් යොමුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories