ඉන්දීය හිටපු අගමැති සහ සෝනියා ගාන්ධි අත්අඩංගුවට (ඡායාරූප)

Friday, 06 May 2016 - 13:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා / කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි සහ පක්ෂ උප සභාපති රාහුල් ගාන්ධි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තහනම නොතකා පෙළපාලියකට එක්වීමේ චෝදනා මතයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙසට ඉල්ලමිනුයි මෙම දැවැන්ත පෙළපාලිය සංවිධාන කර තිබී ඇත්තේ.

භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්තිවලට මෙම පිරිස දැඩිව විරෝධය පළ කරමින් සිටින බව සඳහන්.

ඉන්දීය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් පසුව මන්මෝහන් සිං / සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි නිදහස් කර ඇති බවයි ඉන්දීය පුවත් සේවා ප්‍රකාශ කලේ.

මෙම සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කළේ පැවති කොංග්‍රස් රජයට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා හෙළිවීමත් සමග ඔවුන් මෙලෙස විරෝධතා සංවිධාන කරන බවයි.

මගින් අවධානය වෙනතකට යොමු කිරීමට කොංග්‍රස් නායකයන් උත්සාහ කරන බවට මෝදි රජය චෝදනා කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories