ලන්ඩනයට මුස්ලිම් නගරාධිපතිවරයෙක්

Saturday, 07 May 2016 - 7:42

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ලන්ඩනයේ නගරාධිපති ධුරයට ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙකු තේරී පත්වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරන සාදික් ඛාන් ලන්ඩන් මැතිවරණය ජයග්‍රහණය කළේ කන්සර්වටිව් අපේක්ෂක සැක් ගෝල්ඞ්ස්මිත් පරාජයට පත් කරමින්.

සාදික් ඛාන් එහිදී ඡුන්ද 13 ලක්ෂ දස දහස් 143ක් ලබා ගත් අතර, ගෝල්ඞ් ස්මිත්ට හිමි වූයේ ඡුන්ද නව ලක්ෂ 94,614ක් පමණයි. බ්‍රිතාන්‍යයේ පළාත් පාලන මැතිවරණ සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ පැවැති අතර, එය 2020 වසරේ පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහමැතිවරණයට පෙර අවසන් දේශපාලන පරීක්ෂණය ලෙස සැලකෙනවා.

එහිදී කම්කරු පක්ෂය පසුබෑමකට ලක්වුවද ලන්ඩනයේ ජයග්‍රහණය කම්කරු පක්ෂය දිරිමත් කරන බව පක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රකාශ කළා.

ස්කොට්ලන්ත මැතිවරණයෙන් ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් නිදහස් විය යුතු යැයි අදහස් කෙරෙන ස්කොට්ලන්ත ජාතික පක්ෂය නැවත ජයග්‍රහණය කළ අතර, කන්සර්වටිව් පක්ෂය දෙවන ස්ථානයටත්, කම්කරු පක්ෂය තුන්වන ස්ථානයටත් පත්වුණා.

ලන්ඩනයේ නගරාධිපති ධුරයට පත් සාදික් ඛාන් පාකිස්තාන සංක්‍රමණික පවුලකට අයත් 8 දෙනෙකුගෙන් යුත් පවුලක 5 වැන්නායි.

ඔහුගේ සීයා 1947 වසරේ ඉන්දු - පාකිස්තාන යුද්ධයේදී පාකිස්තානයට සංක්‍රමණය වී ඇති අතර, සාදික්ගේ දෙමව්පියන් ලන්ඩනයට පැමිණ ඇත්තේ 1970 වසරේ ඔහු උපත ලැබීමට ආසන්නයේදියි. දන්ත වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීමට අධ්‍යාපනය ලැබූ සාදික්ට නීතිය හදාරන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ ඔහුගේ ගුරුවරයායි.

ඒ, සාදික්ගේ තර්කනශීලී ස්වභාවය හේතුවෙන්. පසුව කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories