කැනඩාවේ ලැව් ගිනි තවදුරටත් පැතිරේ

Saturday, 07 May 2016 - 8:13

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරී යන ලැව් ගිනි හේතුවෙන් විශාල  වන ප්‍රදේශයක් විනාශයට පත්වී තිබෙනවා.

මඟ දෙපස අඩි 200ක් තරම් ඉහළට විහිදෙන ලැව් ගිනි හේතුවෙන් ජීවිතාරක්ෂක මෙහෙයුම් රථපෙළක ගමන ද අත්හිටුවීටම සිදුවුණා.

ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කර ගැනෙන වාහන 1500ක් පමණ මෙලෙස ලැව් ගිනි සමනය වන තුරු රැදී සිටින බවයි වාර්තා වන්නේ.

ලැව් ගිනි හේතුවෙන් මේ වන විට නිව්යෝක් නගරයට සමාන ප්‍රදේශයකට බලපෑම් සිදුව තිබෙනවා.

ගිනි නිවීමේ මෙහෙයුම සඳහා ගිනි නිවන භටයන් දහසකට වැඩි සංඛ්‍යාවක් හෙලිකොප්ටර් යානා 150ක්, බර යන්ත්‍ර උපකරණ 295ක් සහ ජලය ඉසින ගුවන් යානා 27ක් යොදා ගැනෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories