අයි.එස්.සමූහ මිනීවලවල් 50කට වැඩි සංඛ්‍යාවක්

Saturday, 07 May 2016 - 10:21

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+50%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉරාකයේ අයි.එස්. සංවිධානයේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලින් සමූහ මිනී වළවල් 50කට වැඩි සංඛ්‍යාවක් හමුවූ බව ජගත් සංවිධානය පවසනවා.

ඉරාකයේ ජගත් සංවිධාන විශේෂ නියෝජිත යාන් කූබිස් ආරක්ෂක මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ එම ඝාතන අතිශය සාහසික අපරාධයක් බවයි.

අයි.එස්. සංවිධානය සතුව තිබූ ප්‍රදේශ රැසක් පසුගිය මාස කිහිපය තුළ ඉරාක හමුදා විසින් අත්පත් කර ගත් අතර එම ප්‍රදේශවලින් මෙම සමූහ මිනී වළවල් හමුවී තිබෙනවා.

ඉන් ඉතා මෑතකදී රමාඩි ප්‍රදේශයෙන් සොයා ගත් සමූහ මිනී වළේ මළ සිරුරු 40කට වැඩි ප්‍රමාණයක් මිහිදන් කර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories