වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපොළෙහි නිපදවන ලද යාත්‍රා 9ක් නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම ඊයේ (06) එම පරිශ්‍රයේදී සිදුකළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
විදේශ රටකට නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත්‍රා මෙලෙස අලෙවි කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් එස්.යූ. අහමඞ් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් එහි මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව සහ ඉංජිනේරු අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නිලන්ත ප්‍රේමසිරි ඇතුළු නිලධාරීන් එක්වී තිබෙනවා.
ව්‍යාපෘතිය යටතේ ඇරෝ බෝට් ලෙස හැදින්වෙන කුඩා යාත්‍රා 6ක් සහ වෙරළාරක්ෂක යාත්‍රා 3ක් නයිජීරියාව වෙනුවෙන් නිෂ්පාදනය කර තිබෙනවා.
ඒවා අලෙවි කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.2ක් ශ්‍රී ලංකාවට හිමි වන බවයි නාවික හමුදාව සදහන් කළේ.
එම ආදායම වැලිසර වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපොළෙහි සංවර්ධන කටයුතු සඳහා යෙදවෙනු ඇති.

Follow US
Most Viewed Stories