ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි

Sunday, 08 May 2016 - 11:30

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
‘අම්මා’ යන වදන අපේ හිත්වලට එක්කරන හැඟීම ලොව අන් කිසිම වචනයක නොවනල ජීවිතයට සමවදින වදනක් තවත් මේ ලොව හමුවන්නේ නැහැ.

අම්මාගේ ආදරය ගැන සෙනෙහස ගැන කෙතරම් ගුණ වැයුවත් පලක් නොවන්නේ අම්මාගේ ගුණක‍‍ඳ අන් සියල්ලටම වඩා උත්තරීතර මිනිස්කම හා බැඳුනු හැඟීම් සමුදායක් වීම නිසයි.

ලොව සෑම අම්මා කෙනෙකුම දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ පටන් තම හුස්ම වාතලයට මුසුවන තෙක් දුක්ල දහදිය කඳුළු වගුරවන්නේ දරුවාගේ ජීවිත සතුට වෙනුවෙන්.

එවන් වදනින් අරුත්ගැන්විය නොහැකිල ගෙදර බුදුන් අම්මා කෙනෙකු ගැනයි අම්මාවරුන්ගේ දිනය දා අපි ලොවට දිගහරින්නේ.

පොළොන්නරුව අරලගන්විල කුඩාසීගිරියේ මැටි ගැසූ මේ නිවසේ විජිත මල්ලිකා අම්මාල තම ආබාධිත පුතා සහ පිළිකා රෝගයකින් පෙළෙන ස්වාමිපුරුෂයා සමඟ ජීවිත ගමන ගෙනයනවා.

ජීවිතයේ දුක් කන්දක් කරපිට පටවාගෙන අනේක පීඩා විදිමින් ඇය දරුවන් හතර දෙනෙකු මෙලොව බිහිකරන්නේ උත්තරීතර අම්මා කෙනෙකුගේ පදවිය හිමිකරගනිමින්.

ආදරයේ සෙනෙහසේ උල්පතවූ මේ අම්මාට ලැබුණු දෙවැනි පුතනුවන් මෙලොව එළිය දකින්නේ ඇවිද ගැනීමටවත්ල කතාකිරීමටවත් නොහැකි ආබාධිත දරුවෙකු ලෙසින්.

නමුත් ඒ කිසිත් අම්මාගේ ආදරයට හරස් නොවන්නේ දරුවෙකු කිසිදිනකවත් මවකට බරක් නොවන නිසාවෙන්.

තම දරුවෙකු දුරස් කරන්නට හැගීමක් පහල නොවන තැන මේ අම්මා උතුම් පූජාවක් සිදුකරන්නේ තම පුතණුවන් දෙදෙනෙකු ශාසනය බබළවන්නට සසුන් ගතකරමින්.

ඒ උත්තරීතර අම්මා සොයා හිරු ගොසිප් ගිය ගමනයි මේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories