GSP ප්ලස් නැවත ලබාදෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක්

Sunday, 08 May 2016 - 12:42

GSP+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+58%E0%B6%9A%E0%B7%8A
GSP ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සදහා යුරෝපා සංගමය මගින් කොන්දේසි 58 ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම එම පනත යටතේ රදවා සිටින්නන්ගේ නඩු විභාග කඩිනම් කිරීම නව මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වාදීම නව ව්‍යවස්ථාව යටතේ බලය බෙදා හැරීමට කටයුතු කිරීම උතුරේ පෞද්ගලික ඉඩම් සියල්ල නැවත හිමිකරුවන්ට ලබාදීම සහ ජාතික සංහිදියා සහ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම ඇතුළු කරුණු ඊට ඇතුළත් බව සඳහන්.

යුරෝපා සංගමය මීට පෙර ද ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් වල වර්ධනයක් අපේක්ෂා කරන බවයි.

ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබද සලකා බැලීමට අදාළ කොන්දේසි ඉටු කළ යුතු බවයි යුරෝපා සංගමය දැනුම්දී ඇත්තේ.

කෙසේ නමුත් යුරෝපා සංගමය මගින් ඉදිරිපත් කර ඇති එම කොන්දේසි 58, 20 ක් දක්වා අඩු කර ගැනීමට හැකිවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

දෙපාර්ශවයටම එකග විය හැකි කරුණු සම්බන්ධයෙන් එකගත්වය පළකොට ඉදිරියට යාම රජයේ අපේක්ෂාවයි.

එහිදී නීති කෙටුම්පත් වෙනස් කිරීමට අදාළ පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුව හරහා බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

ජී එස් පී ප්ලස් බදු සහනය ලබා ගැනීම වෙනුවෙන්ම මෙරට නීති පද්ධතියේ වෙනස්කම් සිදුනොකෙරන බවත් ඔහු අවධාරණය කලා.

කෙසේ නමුත් අදාළ කොන්දේසි සම්බන්ධයෙන් අඛන්ව සාකච්ඡා පවත්වන අතර ඉදිරි මාසයක පමණ කාලයක් තුළ ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories