අනුර- ටිල්වින්- විජිත -ලාල්කාන්ත එකම මාධ්‍ය හමුවක

Sunday, 08 May 2016 - 12:49

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB-+%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+-%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A
ජනතා විමුක්ති පෙරමුණ තුළ කිසිදු බෙදීමක් නොමැති බව එම පෙරමුණ ප්‍රකාශ කරනවා.

ඒ සඳහා කරුණු දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයන් හතරදෙනා බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වුණා.  

පක්ෂ නායක අනුර කුමාර දිසානායක ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වෘත්තීය සමිති කටයුතු භාර කේ ඩී ලාල්කාන්ත සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් එහිදී අදහස් දක්වනු ලැබුවා.

එහිදී ඔවුන් පිළිතුරු ලබාදුන්නේ පක්ෂය තුළ බෙදීමක් පවතින බවට සති අන්ත පුවත්පතක පළවූ වාර්තාවක් සම්බන්ධයෙන්.

අදාළ පුවත්පත ප්‍රකාශ කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පිලිබඳව පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයක් මතුවී ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුළ කේ ඩී ලාල්කාන්තට හෝ ටිල්වින් සිල්වාට නායකත්වය ලබාදෙන ලෙස බල කරන කණ්ඩායමක් සහ වත්මන් නායක අනුර දිසානායකට සහය පළ කරන කණ්ඩායමක් අතර මෙම බෙදීම පවතින බව එහි දැක්වුණා.

අර්බුදය විසඳාගැනීම ජ්‍යෙෂ්ඨ නායකයන්ට පවරමින් පක්ෂ නායක අනුර කුමාර විදෙස් ගතවූ බවයි එහි තවදුරටත් සඳහන් වූයේ.

අද පැවති මාධ්‍ය හමුවේදී අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් සිදුකළ බවයි.

ඊට උරණ වූ පිරිස් ජනතා විමුක්ති පෙරමුණ තුළ අර්බුද නිර්මාණය කරන බවත් මෙවැනි ප්‍රකාශ තුළින් ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories