ජනපති ලන්ඩනයේ දුෂණ විරෝධී සමුළුවට

Sunday, 08 May 2016 - 13:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දුෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 11 වනදා ලන්ඩනය බලා නික්මෙනවා.

ජනාධිපතිවරයාට මෙම සමුළුවට සහභාගි වන ලෙස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන් ආරාධනා කර ඇත්තේ පසුගිය වසරේ මෝල්ටාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදීයි.

සමුළුව සංවිධාන කිරීම සදහා පැරිසියේ පිහිටුවා ඇති ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සදහා වන ආයතනය ද එක්වනවා.

සමුළුව සදහා ජී - 20 කණ්ඩායමේ රටවල් ඇතුලූ ලොව රටවල් 40 ක් පමණ සහභාගි වීමට නියමිතයි.

ලන්ඩන් සංචාරයෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැයි 13 වනදා සහ 14 වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සංවිධාන කරන කුම්භ මේලා සැණකෙළියට ද ජනාධිපතිවරයා සහභාගි වන අතර සාංචි විහාර පරිශ්‍රයේ අනගාරික ධර්මපාල පිලිරුවක් ද විවෘත කිරීමට නියමිතයි.

ඉන්දීය සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගද ද්වීපාර්ශවික සාකච්ඡාවක නිරත වනු ඇති.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සාම සමුළුවකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නිව්යෝක් බලා යාමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මහා සභාව මගින් ලබන 10 වනදා සහ 11 වනදා මෙම ඉහළ පෙලේ සංවාදය සංවිධාන කර ඇත්තේ අවදානමට මුහුණ දෙන ලෝකයේ සාමය සදහා නව කැපවීම යනුවෙන්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මෙරට ජාතික එකමුතුභාවය සහ සංහිඳියාව පිළිබද කාර්යාලයේ සභාපතිනිය ද වනවා.

හිටපු ජනාධිපතිනිය ජගත් සංවිධාන සමුළුවේදී අදහස් දක්වනු ඇත්තේ නවමු සහයෝගිතාවන් සහ ප්‍රතිචාර පිළිබඳ උදාහරණ සපයමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories