කොටි සැමරුම් ගැන මතබේද

Sunday, 08 May 2016 - 13:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF
මුලතිව් - වෙල්ලමුල්ලි වයික්කාල් හිදී මේ මස 12 වනදා ආරම්භ කිරීමට නියමිත සැමරුම් සම්බන්ධයෙන් උතුර පළාත් සභාවේ පාර්ශව දෙකක් අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා.

උතුර පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පවසන්නේ 12 වනදා සිට 19 වනදා දක්වා තමන් වෙල්ලමුල්ලි - වයික්කාල් හිදී අදාළ සැමරුම් සංවිධාන කරන බවයි.

එහෙත් මෙම සැමරුම් උතුර පළාත් සභාව විසින් සංවිධාන කළ යුතු අතර පෞද්ගලික මට්ටමින් සිදු නොකළ යුතු බව පළාත් සභාවේ මන්ත්‍රීවරියක වන ආනන්දි ශෂිදරන් ප්‍රකාශ කළා.

මතගැටුම පිළිබඳව අදාළ පාර්ශව අතර සාකච්ඡාවට කිහිපයක් පවත්වා තිබෙනවා.

වසර 30 කට ආසන්න කාලයක් මෙරට පැවති යුද්ධයේ අවසානය සළකුණු වූයේ වෙල්ලිමුල්ලි වයික්කාල් සටනින්.

යුද්ධය අවසන් වී ලබන මැයි 18 වනදාට වසර හතක් සපිරෙනවා.

මේ අතර රණවිරු සැමරුම යෙදී ඇති ඉදිරි සති දෙක තුළ සංවිධාන වන මෙම සැමරුම් සම්බන්ධයෙන් අප හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් විමසීමක් කළා.

ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී රැස්වන විශේෂ හමු කිහිපයකදී අවධානය යොමු කරන බවයි.

ඉදිරි සතියේදී රණවිරු සැමරුම් උත්සවය සංවිධාන වන ආකාරය ඇතුලූ බොහෝ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශක් ලබාදීමට කටයුතු කරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories