වන අලින් හතරදෙනෙකුගේ සිරුරු මහවිලච්චියෙන් හමුවේ

Sunday, 08 May 2016 - 14:43

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අකුණු සැර වැදීමෙන් මියගිය බවට සැක කෙරෙන වන අලින් හතරදෙනෙකුගේ සිරුරු අනුරාධපුර - මහවිලච්චිය - කිරල්පැටියාව ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ තල හේනක් ආසන්නයේ තිබී අද උදෑසන මෙම සිරුරු සොයාගෙන ඇති බවයි.

මියගිය වන අලින් අතර කුඩා අලි පැටවුන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.

 විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි මෙම ප්‍රදේශයට පෙරේදා පස්වරුවේ අකුණු සමඟ ධාරානිපාත වර්ෂාවක් ද ඇද හැලී තිබෙනවා.

එහිදී  සිදුවූ අකුණු සැර වැදීමකින් මොවුන් මියයන්නට ඇති බවටයි වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories