මහනුවර සහ පේරාදෙනිය අතර රේල් බස් සේවාව ඇරඹේ

Sunday, 08 May 2016 - 15:17

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මහනුවර සහ පේරාදෙනිය අතර මතුව ඇති මාර්ග තදබදයට පිළියමක් ලෙස රේල් බස් සේවාවක් අද ආරම්භ කර තිබෙනවා.

දිනකට වාර 8ක් මෙම නගර දෙක අතර රේල් බස් සේවාව ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මගීන්ගේ පහසුව අනුව දුම්රිය ස්ථාන නැවතුම්වලට අමතරව තවත් ස්ථාන කිහිපයක මෙම රේල් බසය නවතා ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව සදහන්.

රුපියල් 10ක් වැනි සුළු මුදලක් අය කර ගනිමින් නගර දෙක අතර මෙම රේල් බස් සේවාව අද සිට ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories