අද සිදුවන සංක්‍රාන්තිය නරඹන්න පුලුවන් වේලාවන්

Monday, 09 May 2016 - 7:41

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
වසර 13 කට පසු බුධ ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීමේ සංක්‍රාන්තියක් අද දිනයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැක ගැනීමට අවස්ථාව ලැබෙන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සදහන් කළේ සූර්යයාගේ මුහුණත හරහා ග්‍රහ වස්තුවක ගමන් කිරීමක් පෘථිවියේ සිට දැකිය හැක්කේ බුධ සහ සිකුරු ග්‍රහයන්ගේ සංක්‍රාන්තින් පමණක් බවයි.

ඒ අනුව මෙරට වේලාවෙන් අද පස්වරු 4.42 සිට පස්වරු 6.16 දක්වා කාලය තුල බටහිර ක්ෂිතිජය නිරික්ෂණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට මෙම දර්ශනය නැරඹිය හැකියි.

එය සූර්යා මත කළු තිතක් ලෙසයි දර්ශනය වන්නේ.

කෙසේ වෙතත් සූර්යයා බැස යාම හේතුවෙන් බුධ ග්‍රහයා සූර්යයාගේ මුහුණතින් සම්පූර්ණයෙන් ඉවත්වන තෙක් එම දර්ශනය ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීම අනතුරුදායක බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම සිදුවීම ගාලූමුවදොර පිටියේ සිට නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න  පැවසුවේ බුධ සංක්‍රාන්තිය පියවි ඇසින් නිරීක්ෂණය කිරිම අනතුරු දායක බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories