නවකවඳ සිද්ධීන්වල වගකීම පරිපාලනය භාර ගත යුතුයි

Monday, 09 May 2016 - 7:57

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B7%80%E0%B6%B3+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන්වල වගකීම එහි පාලන අධිකාරිය විසින් භාර ගත යුතු බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

කැළණිය විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යාවකට සිදුව ඇති බව කියන නවකවද සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීයි ඔහු මේ බව කියා සිටියේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවකවදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එම විශ්වවිද්‍යාලයේම සිසුන් 3 දෙනෙකු සහ සිසුවියන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

ඒ නවක වදයට ලක්වු සිසුවිය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

නවක වදයට ලක්වූ සිසුවිය පැමිණිල්ලක් කරන ලෙස පොලිසියට යොමුකළේ විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ උපදෙස් අනුව බව කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නවක වදය නවත්වන ලෙස දිගින් දිගටම මහා ශිෂ්‍ය සංගමයෙන් කළ ඉල්ලීම් නොතකා හැරීම මත එවැනි තීරණයක් ගත් බවයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ විශ්වවිද්‍යාලවල සිදුවන සියලූම සිද්ධීන්වල වගකීම එහි උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය විසින් භාර ගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories