පැනමා ලේඛන විශේෂ හෙලිදරව්ව අද

Monday, 09 May 2016 - 9:06

%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
පැනමා ලේඛන මගින් අනාවරණ කළ වාර්තාවලට අයත් සියලු පුද්ගලයින්ගේ තොරතුරු ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අද හෙළිකිරීමට නියමිතයි.

මෙම වාර්තා මගින් මෙතෙක් හෙළිනොවූ ශ්‍රී ලාංකිකයින්ද ඇතුලු බහුතරයකගේ නම් අද අනාවරණය වනු ඇති.

පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ ආයතනයක් සිය සේවාදායකයන්ට පහසුකම් සලසා ඇති බව දැක්වෙන රහසිගත ලිපිගොණු මෙසේ ලෝකය වෙත හෙළිකෙරුණේ පසුගිය මාසයේදීයි.

එම වාර්තාවන්ට අනුව ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයින් ඇතුලු පිරිසකටද මුදල් විශූද්ධිකරණ හා බදු වංචා චෝදනා එල්ල වුණා.

ඒ අතරින් නම් ගම් සීමිත ගණනක් පමණක් එම අවස්ථාවේදී හෙළි කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එහෙත් අද සිදුකරන අනාවරණයෙන් මෙම ගණුදෙනුවලට සම්බන්ධ සියලු පාර්ශවයන් පිළිබද සත්‍ය අනාවරණය වනු ඇති.

පසුගියදා පැනමා වාර්තා නිකුත්වීමෙන් පසු ලාංකිකයින් 46 දෙනකුගේ නම් ලැයිස්තුවක්ද ප්‍රකාශයට පත්වූ අතර එය පැනමා වාර්තාවලට අදාළ නොවන බව මේ වන විට හෙළිව තිබෙනවා.

මේ අතර පැනමා ලේඛන තුළ නම් සඳහන් විය හැකි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරන බව රජය පවසනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories