බී.බී.සී. මාධ්‍ය කණ්ඩායම උතුරු කොරියාවෙන් පිටුවහල් කරයි

Monday, 09 May 2016 - 16:23

%E0%B6%B6%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බී.බී.සී. මාධ්‍ය කණ්ඩායම උතුරු කොරියානු කොමියුනිස්ට් රජය මගින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා.

උතුරු කොරියාවේ බී.බී.සී. වාර්තාකරු රූපට් වින්ෆීල්ඞ් හේස් ඇතුළු කණ්ඩායම පසුගිය සති අන්තයේ මෙලෙස රදවා ගත් අතර ඔවුන්ගෙන් පැය 8ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඔවුන් ඉදිරිපත් කළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තෘප්තිමත් විය නොහැකි බැවින් මෙලෙස ඔවුන් පිටුවහල් කළ බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, උතුරු කොරියානු පාලක පක්ෂයේ කොංග්‍රස් රැස්වීම ආවරණය කිරීම සඳහා තවත් බී.බී.සී. වාර්තාකරුවන් 4 දෙනෙකු එහි තවදුරටත් රැදී සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories