ජී එස් පී ප්ලස් කොන්දේසිවලට එකඟ ද?

Tuesday, 10 May 2016 - 13:23

%E0%B6%A2%E0%B7%93+%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%AF%3F
ජී එස් පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා සංගමය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකග දැයි ප්‍රකාශයක් සිදුකරන ලෙස ජාතික නිදහස් පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ යුරෝපා සංගමයට කිසිදු ලෙසකින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අතගැසීමට අයිතියක් නොමැති බවයි. 

ජී එස් පී ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කොන්දේසි 58ක් පනවා ඇති බවට පසුගිය දා මාධ්‍ය මගින් කරුණු අනාවරණ කර තිබුණා. 

කෙසේ නමුත් එය 20 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories