පැනමා පත්‍රිකාවල නම් සඳහන් ලාංකිකයන්ට නිදහසට කරුණු කියන්න සති දෙකක්

Thursday, 12 May 2016 - 7:24

%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
පැනමා පත්‍රිකාවල සඳහන් මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමට සති දෙකක කාලයක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

සති දෙකක් ඇතුළත ඊට  අදාළව පිලිතුරු නොලැබුණහොත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.  

දැනටමත් පැනමා පත්‍රිකාවල නම් සඳහන් මෙරට පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත්කර තිබෙනවා.

ඊට මුදල් අමාත්‍යාංශ  සහ මහ බැංකු නිලධාරීන් ඇතුළත්.

ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය මගින් බදු පැහැර හැරීම් සහ විදේශයන්හි ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් සහ ආයතන  දෙලක්ෂයක පමණ තොරතුරු පසුගියදා අන්තර්ජාලයට එක්කළා.

ඒ අනුව පැනමාවේ මොසැක් ෆොන්සිකා නීති සමාගම ඔස්සේ විදේශගත ගිණුම් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකික සමාගම් 03 ක් අතරමැදියන් 07 දෙනෙකු සහ පුද්ගල නාම 65 ක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පැනමා ලියවිලිවල නවතම හෙළිදරව්ව මගින් ශ්‍රී ලංකාවට සම්බන්ධ පුද්ගලයන් 19 දෙනෙකු සහ ගිණුම් 22 ක මෙරට ලිපින සහ ඔවුන් ව්‍යාපාර කටයුතු සිදුකළ මූල්‍ය හා සේවා ආයතන පිළිබඳ විස්තර දැක්වුණා.

මීට පෙර ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙදෙනෙකුගේ ගිණුම් 43 ක තොරතුරු එමගින් හෙළිදරව් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories