ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොලන්ඞ් ට්‍රම්ප් මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තියේ ලිහිල් බවක් මේ වනවිට දක්නට ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙනවා.
ඒ බ්‍රිතාන්‍යයේ - ලන්ඩන් අගනුවර නගරාධිපතිවරයා ලෙස පත්වූ මුස්ලිම් ජාතික සදික් ඛාන් සිදුකළ ප්‍රකාශයකට ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වීමත් සමඟයි.
මෙහිදී ලන්ඩන් නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධීපතිවරයා බවට පත්වුවහොත් මුස්ලිම් ජාතිකයෙකු වන තමන් හට ඇමරිකාවේ සංචාරයක් සඳහා යෑමට නොහැකිවනු ඇති බවටයි.
තමන් පළ කළේ අදහසක් පමණක් බවත් එය වෙනස් විය හැකි බවත් මොහුගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් සඳහන්කර තිබෙනවා.
ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමා ඇමරිකානු ජනාධිපතිවරයා වුවහොත් මුස්ලිම් ජාතිකයින්ට සිය රටට ඇතුලූවීමට නොදෙන බවයි.

Follow US
Most Viewed Stories