ශ්‍රී ලංකාවේ දුෂණය තුරන් කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් - ජනපති ලන්ඩන් සමුළුවේදී කියයි

Friday, 13 May 2016 - 7:17

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව තුළ දුෂණය තුරන් කර දැමීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

බ්‍රිතාත්‍ය - ලන්ඩන් නුවරදී ඊයේ (12) ආරම්භ වූ දුෂණ විරෝධී අන්තර් ජාතික සමුළුවට සහභාගි වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුවට නයිජීරියා - ඇෆ්ගනිස්ථාන - නවසීලන්ත යන රටවල රාජ්‍ය නායකයින් මෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක ප්‍රධානීන් එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේ දුෂණය පිටුදැකීම සදහා ශ්‍රී ලංකාව තුළ ආයතන රැසක් ස්ථාපිත කර ඇති බවයි.

සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමග ද්වීපාර්ශවික සාකච්ඡාවකට ද එක්වුණා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වීපාර්ශවික සාකච්ඡාවකට එක්වනු ඇති. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories