රාජීත කිව්වාට ප්‍රභූ ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑලූ

Friday, 13 May 2016 - 7:27

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91%E0%B6%BD%E0%B7%96
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ කළේ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් බවට කිසිදු සැකයක් නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

කොළඹ දී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයා බෝම්බයක් පුපුරුවාගෙන ඇති බවට අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එල් ටී ටී ඊ සංවිධානය හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් හිටපු හමුදාපතිවරයාටත් බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට දැනටමත් ඔප්පු වී ඇති බවයි.

මේ අතර තමන් ඇතුළු රජයේ ප්‍රබලයින්ට ජීවිත තර්ජනයක් ඇති බවට අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඊයේ ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බුද්ධි අංශ මගින් රජයේ ප්‍රබලයින්ට තර්ජනයක් පවතින බවට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories