දුෂණය කල දැරිය නැවත ඉල්ලා ගෙදරපු ආපු සැකකරුට ලැබුණූ දඩුවම-(ඡායාරූප)

Friday, 13 May 2016 - 10:55

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මොරවක කලුබෝවිටියන රුවන් කන්ද ප්‍රදේශයේ දැරියක් දුෂණ්‍ය කල සැකකරුවෙකු කිසියම් අයෙකු විසින් ඝාතනය කර තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ අදාළ දැරිය පාසල් ගොස් පැමිණෙන අතරතුරදී ලොරි රථයකින් පැමිණි සැකකරු දැරිය පැහැර ගෙන ගොස් ඇති බවයි.

අනතුරුව පාලු නිවසකට රැගෙන ගොස් ඇය දුෂණය කර තිබෙනවා.

මෙම සිද්ධිය දැරිය දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව මොරවක පොලිසීයට ඊට අදාල පැමිණිල්ලක් යොමු වී ඇතැයි සදහන්.

අනතුරුව සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇත්තේ  15 හැවිරිදිය නැවත ඉල්ලමිනුයි.    

පසුව පොලිස්ථානයට ඇමතුමක් ලැබී ඇත්තේ අදාළ සැකකරු දැරියගේ නිවස අසල ඝාතනය වී සිටින බවයි.

ඝාතනය සිදුකල බව පැවසෙන දෙදෙනෙකු පොලිසීය භාරවී ඇතැයි සදහන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු  40ක පුද්ගලයෙක්.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා.

මොරවක පොලිසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.

(ඡායාරූප) - අජීත් ලංකා තිලක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories