යෝෂිත අදත් එෆ් සී අයි ඩී යට - බැසිල්ගේ බිරිද සහ දියණිය කල් ඉල්ලයි

Friday, 13 May 2016 - 13:11

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B7%83%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පසුගිය ආණ්ඩු සමයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යොදා ගනිමින් සිදුකළ අභ්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ සහ දියණිය බරපතල වංචා හා දුෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ අද (13)පෙනී සිටීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ඔවුන් විදෙස්ගත වී සිටීම හේතුවෙන් අද දිනයේ එම කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වන බව දන්වා ඇතැයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

පසුගිය 05 වනදාද ඔවුන් දෙදෙනාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද එදිනද ඔවුන් කොමිසම හමුවේ පෙනී සිට නැහැ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද පසුගිය අප්‍රේල් 08 වනදා බරපතල වංචා හා දුෂණ සොයන ජනාධිපති  කොමිසම හමුවේ පෙනී සිටියේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යොදා ගනිමින් සිදුකළ අභ්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහායී.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද 04 වන දිනටත් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.

ඒ සී එස් එන් නාලිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සදහා ප්‍රකාශයක් ලබාදීම සදහා බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories