ග්‍රීසියට සංක්‍රමණිකයින් පැමිණීමේ අඩුවක්

Saturday, 14 May 2016 - 10:04

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
යුරෝපා සංගමය සහ තුර්කිය අතර ඇති කර ගත් එකඟතාවයෙන් අනතුරුව ග්‍රීසියේ දිවයින් වෙත මුහුදු මාර්ගයෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

යුරෝපා සංගමය සහ තුර්කිය පසුගිය දා එකඟ වූයේ ග්‍රීසියට පැමිණෙන සංක්‍රමණිකයන් ආපසු තුර්කිය වෙත හරවා යැවීමටයි.

පසුගිය මාර්තු මාසයේ ග්‍රීසියට පැමිණි  සංක්‍රමණික සංඛ්‍යාව 26,971ක් වූ අතර, අප්‍රේල් මාසයේදී එය 3360 දක්වා සියයට 88කින් පහත වැටී තිබෙනවා.

යුරෝපා සංගමය මෙලෙස සංක්‍රමණිකයන් පාලනය කිරීමේ ගිවිසුමකට එළඹුණේ 2015 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුලූ රටවලින් සංක්‍රමණිකයින් මිලියන 1.25ක් යුරෝපයට පැමිණීමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories