දරුවන් 7 ක් හැදු වැඩු පියාට පුතා කල අපරාධය (ඡායාරූප)

Saturday, 14 May 2016 - 14:31

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම පියා කැත්තකින් පහරදී ඝාතනය කල පුත්‍රයකු මහියංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී පැල් රැකීමට ගොස් අද උදෑසන නිවසට පැමිණීමෙන් පසු සැකකරු මෙලෙස තම පියාට පහරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

සැකකාර පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බව ද සඳහන්.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ දඹාන වතුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි අයෙක්.

දරුවන් 7 දෙනෙකු සිටින පවුලේ තුන්වැන්නා වන සැකකරු අවිවාහකයෙක් බව ද සඳහන්.

ඔහු වසර කිහිපයක සිට මානසික ආබාධයකින් පෙළෙන අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි මව ප්‍රකාශකර ඇත්තේ.

මෙම ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මහියංගණය පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.



ඡායාරූප - මහියංගණය රංජිත් කරුණාවීර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories